ධනන්ජය රූපසිංහ ගේ "මාව දන්නෑ "
ගායන ශිල්පී ධනන්ජය රූපසිංහ ගේ නවතම ගීතය "මාව දන්නෑ" ගීතය සමගයි අද අපගේ සුහද කතා බහ.....
1/ ඉතින් ධනන්ජය කොහොමද මේ දවස් වල සංගීත ජීවිතය ?
ඇත්තටම ගොඩක් හොදයි..අලුත් නිර්මාණ කිහිපයක් සූදානම් කරලා තියෙනවා මේ වෙනකොට..ඉදිරියේදි හොද නිර්මාණ ටිකක් රසිකයන්ට අහන්න පුලුවන් වේවි..
2/ මොකක්ද මේ "මාව දන්නෑ " ගීතය ?
ඔව් මේ ගීතය ඇත්තම නිර්මාණය කරලා තිබුණ ගීතයක් වගේම හදිස්සියේම රසිකයන්ට තිලිණ කරපු ගීතයක්..මේක නිර්මාණය උනේ 2018..පද රචනය සත්සර කසුන් මිත්‍රයාගේ...සංගීතය අමිත් ගුරු...මේ වෙනකොට නැවතත් සූදානම් කරමින් ඉන්නවා අලුත් විදිහකට මේ ගීතය අහන්න දෙන්න.
3/ පරණ ගීත වලට නව සංගීතය එකතු කිරිම ගැන ඔබේ අදහස කුමක්ද.?
ඇත්තටම ඒක හොද වැඩක්..මොකද අපි ගීත 5ක් නිර්මාණය කලොත් ඒකෙන් එකක් හරි හැලෙන්න බලනවා..ඒ හැලුණු ගීතය කාලයත් සමග ඉදිරියට එන ප්‍රමාණය වැඩ් වෙනවා..හැම ගායන ශිල්පියෙක්ම මේ වෙනකොට එහෙමයි...ඇත්තම රසිකයන්ට ඒක හොද වැඩක්...හැම කෙනෙක්ම ආසයි ඔනීම දේයක් අලුත් විදිහට අහන්න
4/ ඔබේ සංගීත ගමන ආරම්භ වන්නේ Reality වැඩසටහනකින්ද ?
ඔව් ..අනීවාර්‍යෙන්..ස්වර්ණවාහිනි Singing Star වැඩසටහනට සහභාගි උනා..ඒ වගේම දෙරණ හරහා නිර්මාණය උන Miss Sri Lanka Theme Song එකට සම්බන්ධ වෙන්න ලැබුණා FOUR සංගීත කණ්ඩායම සමග..ඒ වගේම BLACK HORSES සංගීත කණ්ඩායම සමග දෙරණ STAR CITY එකේ ගීතවත් වෙන්න ලැබුණා..
5/ ඔබගේ කණ්ඩායම් සංගීත ගමන ගැන කතා කලොත් ?.
හ්ම්...කණ්ඩායම් සංගීතය ගැන කතා කලොත් මුලින්ම BLACK HORSES, SHASHRY, THUNDER FLASH, TUNES, RYTHEM FLASH, JA ELA FREEDOM , FIRE ACCOUSTIC , HOT LINE , E MAIL, මේ සංගීත කණ්ඩායම් වල තමා රැදුනේ.
6/දැනය පවතින සංගීතය ගැන ඔබ සතුටින්ද ?
ඇත්තටම ඔව්..මේ වෙනකොට ගොඩාක් දෙනෙක් සංගීතය ට යොමු වෙලා,හැමෝටම සමාජ මාද්‍ය තියෙනවා...දක්ෂයෝ බිහි වෙනවා...
7/ මේ වන විට කණ්ඩායම් සංගීතයේ රැදෙන කෙනෙක් ද..?
මේ වෙනකොට නෑ.මොකද මගේ ව්‍යාපාරය ආරම්භ කල නිසා කණ්ඩායම් සංගීතයෙන් ටිකක් දුරස් වෙලා ඉන්නේ..
8/ ඉදිරි වැඩ කටයුතු කොහොමද..?
මාව දන්නෑ ගීතයේ REMASTERED VERTION එක එනවා තව ටික දවසකින්..අලුත් නිර්මාණ දෙකක් තව ඉවර කරා..ප්‍රේක්ෂකයන් ට හොද නිර්මාණ ටිකක් බිහි වෙවි..
✍️ නිරන්ජලා පතිරණ

Comments
Post a Comment